උදෑසන සීත කාලගුණයක් – නුවරඑළියට මල් තුහින

උදෑසන සීත කාලගුණයක් – නුවරඑළියට මල් තුහින

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (22) දිනයේ වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

තරමක සීතල කාලගුණ තත්ත්වයක් උදෑසන කාලයේ දී අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන්.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

Share This