ඉන්දියාවේ අයවැයෙන් ආරක්ෂාවට වැඩි ඉඩක්

ඉන්දියාවේ අයවැයෙන් ආරක්ෂාවට වැඩි ඉඩක්

2023 – 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය හරහා ඉන්දියාව සිය ආරක්ෂක වියදම් ඉහල දමා තිබෙනවා.

මෙවර අයවැයෙන් ආරක්ෂක වියදම් ලෙස වෙන් කර ඇති මුදල ඉන්දියානු රුපියල් ට්‍රිලියන 5.94 ක්.

ඉකුත් වසරට සාපේක්ෂව ඉන්දියාව මෙම වසරේදී 13% කින් ආරක්ෂක වියදම් ඉහල නංවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අයවැය ඉදිරිපත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසුවේ ආරක්ෂක ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති මුදල ඉන්දියානු රුපියල් ට්‍රිලියන 1.63 ක් බවයි.

ඒ හරහා ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් නව ආයුධ, ගුවන් යානා, යුද නෞකා ඇතුළු අනෙකුත් යුද උපාංග මිලදී ගනු ඇති.

හමුදාවේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ වෙනුවෙන් ඉන්දියානු රුපියල් ට්‍රිලියන 2.77 ක් වෙන් කිරීමට යෝජනා කර ඇති අතර විශ්‍රාමික සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඉන්දියානු රුපියල් ට්‍රිලියන 1.38 ක්

Share This