අර්බුදයෙන් මිදීමේ පළමු පියවර ජනවරමක් සහිත පාලනයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

අර්බුදයෙන් මිදීමේ පළමු පියවර ජනවරමක් සහිත පාලනයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

අර්බුදයෙන් මිදීමේ පළමු පියවර ජනවරමක් සහිත පාලනයක් ගොඩනැගීම බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“ඔබ සියලු දෙනාට අප පිළිබඳව යම් සැකමුසු තැන් තිබෙන්නේ ආර්ථිකය පිළිබඳවයි. තමන්ගේ ව්‍යාපාරවලට සිදුවෙන්නේ මොකක්ද? තමන්ගේ ආර්ථිකයට සිදුවෙන්නේ මොකක්ද? යන ගැටලු ඔබ සියලු දෙනාටම තිබෙනවා. අපේ ඇත්ත කතාව කතා කරමු.

අපේ රටේ විවිධ පැතිවලින් ආර්ථිකයේ කඩා වැටීම පිළිබිඹු වෙනවා. උද්ධමනය වැඩිවීමෙන්, ණය ගෙවා ගැනීමට නොහැකිවීමෙන්, රැකියා අහිමිවීමෙන් මේ ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵල පෙන්නුම් කරනවා. ව්‍යාපාර අවිනිශ්චිත තත්ත්වයට පත්වීමෙන් ආර්ථික කඩාවැටීම අපිට පිළිබිඹු වෙමින් තිබෙනවා. අද අපේ රට මුහුණ දී තිබෙන සියලු ගැටලුවල අවසන් ප්‍රතිඵලය තමයි, අණ්ඩුවට වියදම් කරන්න රුපියල් අහිමිවීම. රටට වියදම් කරන්න ඩොලර් නැතිවිම. 2023 අයවැය ලේඛනයේදි අපි රුපියල් ට්‍රිලියන 2ක ණය වාරික ගෙවීමට ඇස්තමේන්තු කර තිබෙනවා. පොලී වාරිකය ට්‍රිලියන 2.2යි. 2023 සඳහා අපේ ණය වාරිකය සහ පොලී වාරිකයේ එකතුව ට්‍රිලියන 4.2යි. 2022දී රජයට ලැබුණු මුළු ආදායම රුපියල් ට්‍රිලියන 2යි. ව්‍යාපාරික මහත්වරුන් හැටියට ව්‍යාපාරයක් එහෙම පවතින්න බැරි බව ඔබ දන්නවා. සාමාන්‍යයෙන් නිවසක් පවතින්නත් බැහැ. එහෙම රටක් පවතින්නත් බැහැ. ඒක තමයි මේ ගැටලුවල අවසාන ප්‍රතිඵලය.” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළා.

Share This