අද ජය කන්ගරුවන්ට
අද(24) පැවති 05වන සහ අවසන් එක්දින තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමිවුණා.
ඒ කඩුලු 04කින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 160ක් පමණයි.
ඒ පන්දුවාර 06යි පන්දු 05ක් ඉතිරිව තිබියදීයි.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3කදී ලකුණු 164ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා.
ඒ වනවිට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 06ක් බිඳවැටී තිබුණා.
කෙසේ වෙතත් පසුගියදා පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමත් සමඟ තරගාවලියේ ජය හිමිවුයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමටයි.