ස්කොට්ලන්තය සමග පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට

ස්කොට්ලන්තය සමග පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමග ඊයේ(07) පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.

පසුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68කින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

Share This