දිවිනසා ගත්තැයි කියූ චතුරිකාව සැමියා ඝාතනය කළාද? දේහය යළි ගොඩගනී (Video)

දිවිනසා ගත්තැයි කියූ චතුරිකාව සැමියා ඝාතනය කළාද? දේහය යළි ගොඩගනී (Video)

පසුගිය වසරේ දෙසැම්බර් මස 23දා සියදිවි හානි කරගත්, යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදුකෙරුනා.

ඒ එම දේහය ගොඩගන්නා ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගයකට අනුවයි. මෙම තරුණිය යක්කල ප්‍රදේශයේ කුලී නිවසක් තුළදී දිවි හානි කරගෙන ඇති අතර දෙසැම්බර් 26දා ඇගේ දේහය භූමදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම මරණය පිලිබඳ මියගිය කාන්තාවගේ පියාට සහ සහෝදරියන්ට පසුව සැකයක් මතු වී ඇති බව සඳහන්.

ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ආර්.එස්.එම්. මහේන්ද්‍ර රාජා නියෝග කර ඇත්තේ දේහය ගොඩ ගන්න ලෙසයි. පසුව රතුපස්වල සුසාන භුමියේ වලදමා තිබු දේහය ඊයේ (24) නැවත ගොඩ ගෙන තිබෙනවා.

ඒ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් ඉදිරිපිටයි.

ගොඩගත් දේහය වතුපිටිවල රෝහලට ගෙන යාමට නියම කල නමුත් පියාගේ සහ සහෝදරියන්ගේ ඉල්ලීමක් මත දේහය යලි රාගම ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබෙනවා.

දේහය පිලිබඳ ඉදිරි පරීක්ෂණ රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් අද දින සිදු කිරීමට නියමිතයි.

Share This