විශේෂ පුහුණුව ලද පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යයි

විශේෂ පුහුණුව ලද පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යයි

විශේෂ කාර්ය බලකායේ SECUROTY EYE හෙවත් ආරක්ෂක ඇස නමින් ක්‍රියාත්මක අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යාම සිදුවූවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් කළුතර කටුකරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී මෙම විසිර යාමේ පෙළපාලිය පැවැත්වුණා.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්ධනය කිරීම සඳහා විශේෂයෙන් මෙම නිලධාරීන් පුහුණුකර ඇති බවටයි වාර්තා වන්නේ.

නිලධාරීන් 100 දෙනෙකු මෙහිදී විසිර ගිය අතර ඔවුන් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර බස්නාහිර සහ දකුණ පළාත්වල සංවිධානාත්මක අපරාධ කල්ලි මාඩලීමේ රාජකාරී සඳහා යෙදවීමට නියමිතයි.

මෙම විශේෂ පුහුණුව ලත් කණ්ඩායම පැදි 50 කින් හා නිලධාරීන් 100 දෙනෙකුගෙන් සමන්විත බවට වාර්තා වනවා.

Share This