වැඩිහිටි ප්‍රජාවට සහන සැලසීමට විධිමත් වැඩපිළිවෙළක්

වැඩිහිටි ප්‍රජාවට සහන සැලසීමට විධිමත් වැඩපිළිවෙළක්

රඳවා ගැනීමේ බද්දෙන් අපහසුවට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අය කෙරෙන බැංකු පොලී අනුපාත සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළා.

රුපියල් ලක්ෂයට වඩා මාසික පොලිය අඩු පිරිසගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් දැනට රජයේ මුදල් ප්‍රවාහ අනුව විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

පසුගිය කාලයේ 16% ක් ව තිබුණු ණය පොලී අනුපාතය 9% තෙක් අඩු කර ඇති බවත් මෙරට වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවතින බවත් සැලසුම් සහගත නොවී ක්ෂණික විසඳුම් ලබාදීම වෙනුවට පවතින මුදල් ප්‍රවාහ අනුව විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සඳහා ක්‍රියාත්මක වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This