අනියම් ප්‍රේමියගේ හිසත් කපාගත් ‘තිදරු පියා’ පොලිසිය එනවිට ගෙදරින් පනී – මරණය සොයා ගිය හැටි අනාවරණය වේ(PHOTOS)

අනියම් ප්‍රේමියගේ හිසත් කපාගත් ‘තිදරු පියා’ පොලිසිය එනවිට ගෙදරින් පනී – මරණය සොයා ගිය හැටි අනාවරණය වේ(PHOTOS)

කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචි කාන්තාවක් මරා දමා හිස කඳින් වෙන් කළ ඝාතකයා සිය මවගේ තුන් වන මස දානමය පිංකම සඳහා දින හයක නිවාඩුවක් ලබා මෙම අපරාධය සඳහා ගොස් ඇති බව liveat8.lk වාර්තාකරු සඳහන් කරනවා.

මෙම පුද්ගලයා ද සියදිවි නසා ගෙන සිටිය දී අද (3) උදෑසන බඩල්කුඹුර පහේ කණුව රබර් වත්තක තිබී සිරුර හමු වුණා.

බඩල්කුඹුර පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත්‍රි සැකකරුගේ නිවස වෙත ගොස් ඇති අතර එහිදී සැකකරු නිවසින් පලාගොස් තිබෙනවා.

පසුව අද (03)උදෑසන අදාල සැකකරුගේ සිරුර ප්‍රදේශයේ රබර් වත්තක තිබී සොයා ගනු ලැබුවා.

සැකකරු දිවිනසා ගැනීමට පෙර ලිපියක් ද ලියා ඇති අතර එම ලිපිය බඩල්කුඹුර පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

රබර් කිරි කැපීම සදහා රබර් වත්ත වෙත ගිය පුද්ගලයකු මෙම සිරුර දැක ඇති අතර පසුව ඔහු පොලිසියට මේ බව දැනුම් දී තිබුණා.

මෙම සැකකරු බුත්තල පොලිසියට අනුයුක්ත්තව සේවය කල උප පොලිස් පරීක්ෂකවරයෙකු වන ඒ.එම් පේමසිරි නැමැති පනස් දෙහැවිරිදි විවාහක තිදරු පියෙකි.

මොහු බුත්තල පොලිස් ස්ථානයේ කොරොනා මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි සිදු කර තිබෙනවා.

මොහු වසර ගනනාවක් තිස්සේ ඇමති ආරක්ෂක අංශයේ සේවය කර තිබෙනව බව පොලිසිය සඳහන් කළා.

 

Share This