fbpx
ජල සැපයුමට බාධා

ජල සැපයුමට බාධා

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හා උත්සව සමයේ ජල පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බැවින් ඉතා අරපිරිමැස්මෙන් යුතුව අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ජල මුලාශ්‍රවල ජල ධාරිතාවය පහළ බසිමින් පවතින බැවින් පැය 24 පුරා එකම ධාරිතාවකින් ජලය සැපයීමට අපහසුතා ඇතිවිය හැකි බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා දැනුම් දෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This