IMF මුදල්වලින් ඉන්දිය ණය වාරිකයක් ගෙවයි

IMF මුදල්වලින් ඉන්දිය ණය වාරිකයක් ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ඊයේ (23) දිනයේ ගෙවීමට කටයුතු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර වන අතර මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

Share This