ඉන්දියාවේ ආරක්ෂක උපදේශක රුසියාවේ සංචාරයකට සැරසෙයි

ඉන්දියාවේ ආරක්ෂක උපදේශක රුසියාවේ සංචාරයකට සැරසෙයි

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක A K Doval සංචාරයක් සඳහා මෙම මාසයේදී රුසියාවට පැමිණීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම සංචාරයේදී ඉන්දීයාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Nicolai Patrushev ඇතුළු එරට ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් හමුවීමට නියමිතයි.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ මෙම රුසියානු සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි.

එය ඉන්දියාවට හිමිව ඇති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සභාපතිත්වය සඳහා බෙහෙවින් වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේන අර්බුදය මධ්‍යයේ වුව ද ඉන්දියාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පැවතීම විශේෂත්වයක්.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන මධ්‍යස්ථ ප්‍රතිපත්තිය රුසියාව අගය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේ විශාලතම තෙල් සැපයුම්කරුවා වන්නේ ද රුසියාවයි.

Share This