මූල්‍ය බුද්ධි අංශ ඉන්දියාවට

මූල්‍ය බුද්ධි අංශ ඉන්දියාවට

ගෝලීය වශයෙන් වැදගත් තවත් ජාත්‍යන්තර සමුළුවකට සත්කාරකත්වය දැක්වීමට ඉන්දියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම සමුළුව නම් කර ඇත්තේ “No Money For Terrorism” ලෙසයි.

නොවැම්බර් 18 සහ 19 යන දෙදින පුරා දිල්ලිහිදී මෙම සමුළුව පැවැත්වෙනු ඇති.

එය සංවිධාන කරන්නේ රටවල් 150 අධිකව ව්‍යප්තවුණු මූල්‍ය බුද්ධි ඒකකය නැතහොත් Egmont Group මගින්.

සාමාජික රටවල අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් හා ත්‍රස්තවාදයට එරෙහි විශේෂඥයින් ඒ සඳහා සහභාගී වීමට නියමිතයි.

රැඩිකල්කරණය වැලැක්වීම හා crypto currency වැනි මුදල් ඒකක ත්‍රස්තවාදය සදහා අවභාවිත කිරීම වැලැක්වීම මෙවර සමුළුවේ ප්‍රධාන අරමුණක් වනවා.

“No Money For Terrorism” සමුළුව සදහා ඉන්දියාව සත්කාරකත්වය දැරීමට නියමිතව තිබුණේ ඉකුත් 2020 වසරේදීයි.

එහෙත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ එය කල්දැමීමට බලධාරීන් තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉන්දියාවේ දී මෙම සමුළුව පැවැත්වෙන්නේ 03 වන වරටයි

Share This