තවත් ඇමතිවරුන් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙන ලකුණු ?

තවත් ඇමතිවරුන් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙන ලකුණු ?

නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (23) දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව 25 දෙනෙකුට සීමා වනු ඇති.

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

පසුගිය අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනුණා.

පත්කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ ඔවුන්ගේ අමාත්‍යධුර සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.

Share This