රෝහිත් ශර්මා ඇතුළු මුම්බායි පිළට දඩයක්

රෝහිත් ශර්මා ඇතුළු මුම්බායි පිළට දඩයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ ඊයේ (13) පැවති තරගයෙන් පසු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට සහ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ට දඩ මුදලක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

පන්ජාබ් කිංග්ස් අතර ඊයේ පැවති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙනුයි මෙලෙස දඩ මුදලක් පැනවීමට IPL සංවිධායකයින් තීරණය කර ඇත්තේ.

ඒ අනුව මුම්බායි කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 24ක් සහ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 06ක් හෝ තරග ගාස්තුවෙන් සියයට 25ක් මෙලෙස දඩ ලෙස අයකර ගැනීමට නියමිතයි.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයත් පරාජය වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට පසුවන්නේ අවසන් ස්ථානයේයි.

මේ වනවිට මුම්බායි කණ්ඩායම තමන් සහභාගී වූ පළමු තරග පහම පරාජය වී ඉතා අසීරු තත්ත්වයකයි පසුවන්නේ.

 

Share This