20 අහෝසි කිරීමට හිටපු අගමැතිගෙන් යෝජනාවක්

20 අහෝසි කිරීමට හිටපු අගමැතිගෙන් යෝජනාවක්

තමාට දේශපාලන පළපුරුද්ද සීමා සහිත බැවින් අගමැති සහ කැබිනට් මණ්ඩලය එකතුවී සාමූහිකව කටයුතු කරමු යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් විසිවන සංශෝධනය අසාර්ථක බව ජනපති පිළිගෙන ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (10) පවසා තිබෙනවා

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා දැන් කළ යුත්තේ විසිවන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යාම බවත් ඒ සඳහා ආණ්ඩුව විපක්ෂය සමග සාකච්ඡා කර රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳීමට එකඟතාවයට පැමිණිය යුතු බවද සඳහන් කර සිටියා

විසිවන සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනපතිට ප්‍රශංසා කරන බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Share This