හයිපර් සොනික් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලුවේ නෑ – චීනය

හයිපර් සොනික් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලුවේ නෑ – චීනය

චීනය විසින් නවතම හයිපර් සොනික් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලූ බවට පළවූ වාර්තා අසත්‍ය බව චීන බලධාරීන් දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ , එය සාමාන්‍ය අභ්‍යවකාශ යානා පරීක්ෂා කිරීමක බවයි

කෙසේවෙතත් චීනය නවතම හයිපර් සොනික් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලූ බවට පළවූ වාර්තා පිලිබඳ අවධානය යොමු කරමින් ඇමරිකානු විශේෂඥයින් දැනුම් දී ඇත්තේ , චීනය සතු මෙවැනි තාක්ෂණයක් පරාජය කරන්නේ කෙසේදැයි නොදන්නා බවයි.

මේ අතර මෙවැනි පසුබිමක චීනය , රුසියාව සමඟ එක්ව ජපන් මුහුදු කලාපය ආශ්‍රිතව නාවික යුද අභ්‍යාසවල නිරත වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Share This