සිකුරාදා විවෘත වන ඉන්දියානු රත්නදීපය

සිකුරාදා විවෘත වන ඉන්දියානු රත්නදීපය

ඉන්දියාවේ කොල්කටා හි ITC Limited සමාගමට අයත් සුඛෝපභෝගී එකතු කිරීමේ හෝටලයක් වන ITC රත්නදීප, අප්‍රේල් 25 වන දින ගාලු මුවදොර ඉදිරිපිටදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අලංකාර ලෙස සරසා ඇති කාමර සහ සේවා මහල්, නිවාස 352 කින් සමන්විත අතර විශාල පෞද්ගලික සඳළුතල සහිතව ඉදිකොට තිබෙනවා.

ශ්‍රී ලංකාවේ හෝටලයක් සතුව ප්‍රථම වරට ඉදිව තිබෙන මීටර් 100ක් පමණ දිගින් යුත් අහස් පාලම මෙම සුඛෝපභෝගී හෝටලය සතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha සහ ITC Limited හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ Sanjiv Puri යන මහත්වරුන් එක්ව මෙම හෝටල් සංකීර්ණය විවෘත කිරීමට නියමිතයි.

Share This