විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.

ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විෂ්මි ගුණරත්න ලකුණු 45ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණයි.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් බිඳ හෙලීමට සමත් වුණා.

Share This