අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටවූ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී විවෘත වෙයි.

අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටවූ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී විවෘත වෙයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි “මග නැගුම මහ මැදුර” පරිශ්‍රයෙහි හත්වැනි මහලෙහි විවෘත වුණා.

ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණා.

මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් ඉදිරියේදී සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම යටතට පත් කිරීමට නියමිත අතර පූර්ණ රාජ්‍ය ආයතනයක් ලෙස එහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වීමට නියමිතයි.

100% රජය සතු, මුදල් අමාත්‍යංශය යටතේ ක්ෂණිකව ව්‍යාපාරික තීන්දු තීරණවලට එළඹීමේ ශක්‍යතාවයෙන් යුතු සමාගමක් ලෙස සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම ස්ථාපිත කර තිබෙන අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයායි.

පවතින අධිවේගී මාර්ග පද්ධතිය පවත්වාගෙන යෑම, තවදුරටත් සංවර්ධනය සඳහා වන උපායමාර්ගික ක්‍රමවේද තීරණය කිරීම, පිරිවැය අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගැනීමත් ඒ තුළින් ඵලදායි සහ කාර්යක්ෂම අධිවේගී මාර්ග පද්ධතියක් කරා රට යොමු කිරීම මෙහි ප්‍රධාන පරමාර්ථය වී තිබෙනවා.

Share This