සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්න යද්දී පත්තු කළ වෙඩිල්ලකින් පාරේ ගිය බස් රථයක සිටි අහිංසක තරුණියක් මියයයි

සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්න යද්දී පත්තු කළ වෙඩිල්ලකින් පාරේ ගිය බස් රථයක සිටි අහිංසක තරුණියක් මියයයි

ගම්පහ දංඕවිට ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා

ඊයේ රාත්‍රියේ දංඕවිට ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක් කොල්ල කා පලා යෑමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් එම ස්ථානයට පැමිණ තිබුණා.

එහිදී පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදීයි වෙඩි තැබීමක් සිදුව ඇත්තේ.

එම වෙඩි ප්‍රහාරය මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ අසළ මාර්ගයේ ධාවනය වූ බස් රථයකට එල්ල වී ඇති බව සදහන්

වෙඩි ප්‍රහාරයෙන් එම බස් රථයේ ගමන්ගත් තරුණියක් ජීවිතක්‍ක්‍ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 29 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනනෙක් ද තුවාල ලබා ඇති බවත් මොවුන් මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය සදහන් කළා

Share This