සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් නැවතත් Instagram වෙත

සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් නැවතත් Instagram වෙත

සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් 2018 දී ඇයගේ පුද්ගලික ගිණුම අක්‍රිය කිරීමෙන් පසු සමාජ මාධ්‍ය වේදිකාවට නැවතත් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැවත පැමිණීමෙන් පසු ඇය American Riviera Orchard නමින් නව ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වන ආකාරය දක්නට ලැබෙන බවයි සඳහන් වන්නේ.

ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඇති ජීව දත්ත ගිණුම මේගන් විසින් පවත්වාගෙන යන බවත්, එය මේ දින කිහිපය තුළ ආරම්භ කළ බවත් තහවුරු වී තිබෙනවා.

එහි ඇති ඡායාරූප ඇයගේ නව ව්‍යාපාරයේ ලාංඡනය ප්‍රදර්ශනය කරන අතර, ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවක ඇය මල් නෙළන ආකාරය සහ ග්‍රාමීය පෙනුමක් ඇති කුස්සියක ආහාර පිසීම පෙන්නුම් කරනවා.

එම සමාගම ජෑම් සහ ආහාර කල් තබා ගැනීම, බටර්, පිඟන් භාණ්ඩ, හැඳි ගෑරුප්පු, මේස රෙදි, පිසීමේ පොත් සහ ඩිජිටල් වට්ටෝරු පිරිනැමීම් වැනි සේවා ලබාදෙනවා.

මේගන් මීට පෙර The Tig නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය නමුත් 2018 දී හැරී කුමරු සමග විවාහ වීමට පෙර ව්‍යාපාරය සහ එහි වෙබ් අඩවිය වසා දැමූ බව සඳහන්.

Share This