සජිත් ඇසුරේ හැදෙන්න ලැබීම සතුටක් – හේෂා

සජිත් ඇසුරේ හැදෙන්න ලැබීම සතුටක් – හේෂා

දේශපාලකයෙකුට වඩා පුද්ගලයෙකු ලෙස සජිත් පේමදාස මහතා ඇසුරේ හැදෙන්න ලැබීම ගැන තමා සතුටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ගැබිනි මාතාවන් සදහා පෝෂණ මල්ලක් ලබාදීම සඳහා ඊයේ(13) ඇඹිලිපිටිය තෙරුන්නාන්සේගම ශ්‍රී පන්තාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

මෙම උත්සවය පැවත් වුණේ විපක්ෂ නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

හේෂා මිත්‍රත්ව පදනම මගින් ගැබිනි මාතාවන් සදහා බඩු මලු 100ක් පරිත්‍යග කළ අතර විපක්ෂ නායක සජිත් පේමදාස මහතා අතින් ඒවා ලබා දීම සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනගේ මහතා ප්‍රකාශ කළේ ඩීල් වෙනුවට හුස්ම කියන වැඩසටහන හරහා රෝහල් පද්ධතිය තුළ අහිංසක මිනිස්සු වෙනුවෙන් හයියක් වීමට ද විපක්ෂ නායක සජිත් පේමදාස මහතා කටයුතු කරමින් පවතින බවයි.

”මේ වෙලාවේ අපි දේශපාලන කරන වෙලාවක් නොවෙයි. අපි රටේ මිනිස්සු වෙනුවෙන් කවුද පාලකයා කියල හොයන්නේ නැතිව අපි ශක්තිය දෙනවා.

මේ රට් ජනතාවට පය ගහල ඇවිදින්න පුළුවන් රටක් හැදිය යුතුයි.

රටේ ප්‍රශ්න අපි ඉක්මනින් විසදන්න ඕන.

මෙහෙම මේ රට යන්න බැහැ.

වේදනාවෙන් මිරිකෙන සමාජයක් තුළ දේශපාලනය කරන්න කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ.

අපි මේ රට ගොඩනගනන්න කටයුතු කළ යුතුයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනගේ මහතා එහිදී පළ කර සිටියේ එවැනි අදහසක්.

Share This