සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

 

ඔක්තෝම්බර් 01 වනදා සිට 13 වෙනිදා දක්වා කාලය තුළ 7,000කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ සංචාරකයන් 7,096 දෙනෙක් අදාළ කාලය තුළ මෙරටට පැමිණ ඇති බවයි.

ඒ අනුව ඉන්දියාව, කසකස්ථානය, ජර්මනිය, යුක්රේනය, චීනය, කැනඩාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ රුසියාව යන රටවලින් මෙලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව සඳහන්.

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.

එමෙන්ම පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයන් 45,413දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

 

Share This