ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තැබූ වාර්තාව

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තැබූ වාර්තාව

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

ඒ ඊයේ (17) පැවති තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගයි

එහිදී පළමුවේ පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගත්තා

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් ජය තහවුරු කර ගත්තා

ඒ අනුව මෙය කාන්තා එක්දින තරඟවල ඉහළම සාර්ථක ලකුණු හඹා යාම බවයි වාර්තා වන්නේ

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබා ගත්තා

ඇයගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 26ක් ඇතුළත් වුණා

එය එක්දින ක්‍රිකට් තරගාවලියක කාන්තා ක්‍රීඩිකාවක් ලබාගත් ලොව තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන බව සඳහන්

තරගයේ ලකුණු සටහන පහතින්

Share This