ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලැබුණු ජය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලැබුණු ජය

විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගයෙන් ලකුණු 67ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා ගැනීමට සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසි තායිලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

Share This