ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආර්ථිකය නඟා සිටුවීම සඳහා දරණ ප්‍රයත්නයන් සහ අනාගත ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

එමෙන්ම මෙරට ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ දී ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය එහිදී යොමුව තිබෙනවා.

Share This