මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ වේදනා නාශක කරල් තොගයක් ඉන්දියාවේදී අල්ලයි

මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ වේදනා නාශක කරල් තොගයක් ඉන්දියාවේදී අල්ලයි

නීතිවිරෝධී ආකාරයෙන් මෙරට වෙත රැගෙන ඒමට සූදානම් කර තිබූ වේදනා නාශක කරල් ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ඉන්දීය බලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව රාමනාතපුරම් හිදී එම වේදනා නාශක කරල් තොගය බලධාරීන් භාරයට ගෙන ඇති අතර ලැබුණු තොරතුරකට අනුවයි අදාළ වැටලීම සිදුකර තිබුණේ.

ඒ අනුව රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ එම වේදනා නාශක කරල් තොගය මෙලෙස සොයාගෙන ඇති අතර ඒවා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වේදනා නාශක කරල් තොගය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් රථයේ රියදුරු පලාගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Share This