ඉන්දුනීසියාවේ ගිනිකඳු අවදානම නිසා නිවැසියන්ට නව ස්ථිර පදිංචි ස්ථාන

ඉන්දුනීසියාවේ ගිනිකඳු අවදානම නිසා නිවැසියන්ට නව ස්ථිර පදිංචි ස්ථාන

ඉන්දුනීසියාව ගිනිකඳු පුපුරායාමේ අවදානම නිසා නිවැසියන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් ස්ථිරවම වෙනත් ස්ථානයකට පදිංචි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ රුවන්ග් ගිනිකන්දේ සිදුවූ පිපිරීම් මාලාවක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි පළාතේ රුආන්ග් දූපතේ මිනිසුන් 9,800 ක් පමණ ජීවත් වන නමුත් මෑත සතිවලදී කන්ද දිගින් දිගටම ලාවා ගලා ඒම නිසා එම ප්‍රදේශයෙන් නිවැසියන්ට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් වත්මන් ආපදාමය තත්ත්වය නිසා මේ සතියේදී ගිනි කන්දේ අනතුරු ඇඟවීමේ තත්ත්වය වැඩිවූ අතර , මැනඩෝ හි පළාත් ගුවන් තොටුපළ වසා දැමීමටත් එරට රජය කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This