එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් රැස්වීමක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් රැස්වීමක්

ගාසා තීරයෙන් සමූහ මිනීවලවල් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඇල්ජීරියාව විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි.

මෙම සතියේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර එය බොහෝ දුරට ලබන 7 වනදා සිදුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ නසාර් සහ අල්-ෂිෆා රෝහල් විනාශ කිරීම සහ ඊශ්‍රායල වැටලීම්වලින් පසු එම ස්ථානවල ඇති සමූහ මිනීවලවල් හමුවී තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් ඉල්ලීමක් ද සිදු කළා.

Share This