ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන්න ජපානය සුදානමින්

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන්න ජපානය සුදානමින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය ලබාදෙන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද(01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවකදීයි.

ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළ බවද සඳහන්.

Share This