කන්කසන්තුරය වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ලැබෙන ප්‍රදානය

කන්කසන්තුරය වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ලැබෙන ප්‍රදානය

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියාව සූදානමින් සිටින බව වාර්තා වනවා.

එම ප්‍රදානය ලබා ගැනීම මෙරට අමාත්‍ය මණ්ඩලය ද අනුමත කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ අදාළ ව්‍යාපෘතියේ වැදගත්කම හඳුනා ගනිමින් කන්කසන්තුරය වරාය සංවර්ධනයට ඇස්තමේන්තු කර ඇති සම්පූර්ණ වියදම් ආවරණය කිරීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටත් සිදු කිරීම පිළිබඳව ද සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

Share This