දකුණු අප්‍රිකාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී පිරිසක් අතුරුදන් -5 දෙනෙකු මරුට-

දකුණු අප්‍රිකාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී පිරිසක් අතුරුදන් -5 දෙනෙකු මරුට-

දකුණු අප්‍රිකාවේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

තවත් පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඔවුන් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර තවත් 11 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Share This