විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව නවතියි

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව නවතියි

ලබන සඳුදා (24) දින සිට විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදුකිරීමට පහසුකම් සපයා ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ .

පෙබරවාරි මාසයේ ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා උපරිම කාර්ය මණ්ඩලයක් යෙදවීම මෙලෙස එක්දින සහතික පත් නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට හේතු වී තිබෙනවා.

Share This