වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෝඩයාගේ දවස අදයි

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෝඩයාගේ දවස අදයි

සෑම වසරකම අප්‍රේල් 1 වැනිදාට යෙදෙන මෝඩයන්ගේ දිනය සියවස් ගණනාවක් පුරා විවිධ සංස්කෘතීන් විසින් සමරනු ලබනවා.

කෙසේවෙතත් එහි නිශ්චිත මූලාරම්භය කුමක්ද යන්න තවමත් රහසක්ව පවතින කරුණක්.

මේ දවසේදී සිදු වෙන්නේ කිසියම් හෝ කෙනෙකුට බොරුවක් කියා ඔහු රැවටුනු පසු “අප්‍රේල් මෝඩයා” ලෙස කෑ ගැසීමයි.

අප්‍රේල් මාසයේ මෝඩයන්ගේ දිනය 18 වැනි සියවසේදී බ්‍රිතාන්‍යය පුරා ව්‍යාප්ත වූවක් ලෙසයි සමහර මූලාශ්‍ර සදහන් කරලා තියෙන්නේ.

මෝඩයන්ගේ දිනය සැමරීමේ දී රටවල් අතර විවිධ වූ වෙනස්කම් දක්නට ලැබෙනවා.

ප්‍රංශයේ මේ බොරුව කියන පුද්ගලයා එහෙම නැත්නම් රැවටිලිකාර පුද්ගලයා හදුන්වන්නේ Poisson d’avril (“අප්‍රේල් මාළු”) ලෙසයි.

ප්‍රංශයේ මෝඩයාගේ දිනයේ සිදුකෙරෙන විහිළු මාළු යොදාගෙන සිදු කරන අතර එහිදී විහිළුවට අහුවන පුද්ගලයගේ පිටෙහි කඩදාසි වලින් තැනූ මාළුවෙකු අලවනවා.

ස්කොට්ලන්තයේ මෝඩයාගේ දිනය හදුන්වන්නේ Gowkie දිනය ලෙසයි.

ගවුක් (Gowkie) යනු කුකුළා හදුන්වන තවත් නාමයක්.

ස්කොට්ලන්තයේ මෝඩයාගේ සංකේතය ලෙස කුකුළා නම් කර තිබෙනවා.

එමෙන්ම ස්කොට්ලන්තයේ මෝඩයාගේ දිනය සමරනු ලබන්නේ “මට පයින් ගසන්න” යනුවෙන් එකිනෙකාගේ පිටෙහි ඇලවීම මගින්.

කොහොම වුණත් අප්‍රේල් 01 වනදා එහෙම නැත්නම් මෝඩයාගේ දවස කියන්නේ හැම තැනින්ම හිනාවක් අහන්න දකින්න ලැබෙන දිනයක් කියන දේ අපි හැමෝම අත්දකින දෙයක්.

Share This