සජිත් ප්‍රේමදාස තවමත් UNP සාමාජිකයෙක් – සේනක ද සිල්වා කියයි (VIDEO)

සජිත් ප්‍රේමදාස තවමත් UNP සාමාජිකයෙක් – සේනක ද සිල්වා කියයි (VIDEO)

සමගි ජන බලවේගයේ සැබෑ හිමිකාරිත්වය ගැන අනාවරණය කිරීමට අද(10) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට එක්ව සිටියේ අපේ ජාතික පෙරමුණේ සභාපති ආචාර්ය සේනක ද සිල්වා මහතායි.

එහිදී ඔහු කියා සිටියේ තමා හෝ ඩයනා ගමගේ පක්ෂයක් විකුණුවේ නොමැති බවයි.

තම පක්ෂය ලබාදී එහි නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත් කරගත් බවත් ඔහු එහිදී අනාවරණය කළා.

ඔහුගේ පක්ෂයේ ලේකම්වරිය ලෙස සිටි ඩයනා ගමගේ ඉවත්වී එම ලේකම් ධුරය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබාදුන් බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බවයි එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Share This