යාල රක්ෂිතයේ සිදුවන ජාන සොරකමකට ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

යාල රක්ෂිතයේ සිදුවන ජාන සොරකමකට ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

යාල රක්ෂිතයේ සිදුකරගෙන ගිය ජාන සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ජීවීන් 400ක් සමග මෙම ජාන සොරකමට සම්බන්ධ සැකරුවන් දෙදෙනා ඉතාලි ජාතික පිය පුතු යුවලක් බවයි යාල ජාතික වනෝද්‍යානයේ නිලධාරියෙකු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී ඇත්තේ සාෆාරි රියදුරෙකුගෙන් බව සඳහන්.

පසුව සෝදිසි මෙහෙයුමක් දියත් කළ වනජීවී නිලධාරීන්, රක්ෂිතය මැද මෝටර් රථයක් නවතා සමනලුන් ඇතුලු කෘමීන් අල්ලමින් සිටි මෙම ඉතාලි ජාතික පිය පුතු යුවල හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක අතර මොවුන්ට උපකාර කළ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This