රුසියාව ස්වීඩන් කොන්සල් කාර්යාලය වසා දමයි

රුසියාව ස්වීඩන් කොන්සල් කාර්යාලය වසා දමයි

රුසියාව ස්වීඩන් කොන්සල් කාර්යාලය වසා දමා රාජ්‍ය තාන්ත්‍රිකයින් 5 දෙනෙකු ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ ස්වීඩන් තානාපති මැලේනා මාර්ඩ් (Malena Mard) කැඳවා දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය සහ මත ගැටුම් සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි.

ස්වීඩනයේ රාජ්‍යතාන්ත්‍රික තත්ත්වයට නොගැලපෙන ක්‍රියාකාරකම් හේතුවෙන් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු නෙරපා හරින බවට ස්වීඩනය පසුගිය අප්‍රේල් අගදී ප්‍රකාශ කර තිබූ පසුබිමකයි රුසියාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ

Share This