රුපියල් කෝටි 14ක් පමණ වටිනා කේරළ ගංජා කිළිනොච්චියෙන් හසුවෙයි

රුපියල් කෝටි 14ක් පමණ වටිනා කේරළ ගංජා කිළිනොච්චියෙන් හසුවෙයි

මොරටුව ලුනාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා සමඟ පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව පොලිසිය පවසන්නේ සැකකරු සන්තකයේ තිබී ගංජා කිලෝ එකක් සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු ලුනාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙක්.

මේ අතර කිළිනොච්චියේ ඉන්දුපුරම් ප්‍රදේශයේ නිවසක සගවා තිබූ රුපියල් කෝටි 14 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2685 ක ප්‍රමාණයක් සමග එක් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් 24 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා .

අත්අඩංගුවට ගත් සැකකරු කේරළ ගංජා ප්‍රවාහනය කිරීම සදහා යොදා ගත් බවට සැකකෙරෙන යතුරුපැදියක්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් භාරයට ගැනුණා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමු වී ඇති අතර සැකකරුව කිළිනොච්චිය පොලීසියට බාර දීමට පියවර ගෙන තිබෙනවා.

 

 

Share This