මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක් දින සේවාවන් ව්‍යාප්ත කිරීමට පියවර

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක් දින සේවාවන් ව්‍යාප්ත කිරීමට පියවර

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සේවා ලබා ගැනීමට බලාපොරාත්තු වන සේවා ලාභීන්ගේ කටයුතු ප්‍රමාදයකින් තොරව පහසුවෙන් කර ගැනීම සදහා වාහන ලියාපදිංචි කිරිම, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම වාහන පැවරීම වැනි එක් දින සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා

ඒ තුලින් එක් දිනක් තුලදි වාහන ලියාපදිංචි කිරීම්,පැවරීම්, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම් වැඩි සංඛ්‍යාවක් නිකුත් කල හැකි බවයි අමාත්‍යවරිය පවසන්නේ

මේ වන විට රියදුරු බලපත් නිකුත් කිරිමේ එක් දින සේවාව ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර, හම්බන්තොට හා අනුරාධපුර යන කාර්යාල වලින් පමණයි

එමෙන්ම වාහන ලියාපදිංචි කිරිමේ එක් දින සේවාව ක්‍රියාත්මක වන්නේ ද නාරාහේන්පිට, ගම්පහ, අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, යාපනය යන කාර්යාල වලින් පමණි.

එමෙන්ම මාර්ග ගත ක්‍රමය යටතේ සේවාවන් සැපයෙන්නේ වේරහැර, හම්බන්තොට, අනුරාධපුර, කළුතර, ගම්පහ මහනුවර, කුරුණෑගල හා මොණරාගල යන කාර්යාල වලින්.

මෙම සේවාවන් වඩාත් පුළුල් කරමින් දිවයින පුරා දිස්ත්‍රික්ක විසිපහ තුලම පිහිටුවා ඇති ශාඛා කාර්යාල තුලින් ජනතාවට මෙම සේවා කටයුතු ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි අමාත්‍යවරිය පවසන්නේ ,

එමගින් සේවා ලාභින්ට ප්‍රමාදයකින් සහ අපහසුතාවයකින් තොරව තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකියාව උදාවනු ඇති බවත් ,එම කටයුතු ක්‍රියාත්මක කිරිමට නව තාක්ෂණය යොදා ගතයුතු බවත් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා

එමෙන්ම ඊ මෝටරින් ක්‍රමය ක්‍රියාවට නැංවීම , අංක තහඩු බෙදාහරිම සදහා කුරියර් ක්‍රමවේදය හදුන්වාදීම,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන වෛද්‍ය ආයතනය අතර සේවා ඒකාබද්ධ කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම තුලින් තව දුරටත් සේවාලාභින් හට තම කටයුතු පහසුකරලීම මෙන්ම ප්‍රමාදය අවම කිරිමට හැකිවන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පවසනවා

Share This