මුහුදට වැටුණු ආධාර ලබා ගැනීමට ගිය ගාසා වැසියන් 18ක් මරුට (VIDEO)

මුහුදට වැටුණු ආධාර ලබා ගැනීමට ගිය ගාසා වැසියන් 18ක් මරුට (VIDEO)

උතුරු ගාසා තීරයට ඉහළින් ගුවන්ගත කරන ලද අත්‍යවශ්‍ය ආධාර එකතු කිරීමට උත්සාහ කිරීමේදී පලස්තීනුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආහාර පැකේජ ලබා ගැනීම සඳහා මුහුදට ගිය දොළොස් දෙනෙකු දියේ ගිලී මිය ගිය අතර,  ආධාර පැකේජ බිමට පතිත වූ විට අනෙක් හය දෙනා තෙරපීමකට ලක්ව මිය ගිය බවයි ගාසා තීරයේ හමාස් පාලනය කරන රජයේ මාධ්‍ය කාර්යාලය පවසන්නේ.

උතුරු නගරයක් වන බෙයිට් ලාහියා අසල වෙරළට ආධාර අතහැර දැමීමෙන් පසු පලස්තීනුවන් වෙරළට වේගයෙන් දිව යන ආකාරය පිළිබඳ වීඩියෝවක් විදෙස් මාධ්‍ය හුවමාරු කරගෙන තිබෙනවා.

එහි දැක්වෙන්නේ පැරෂුට්වලට සවි කර ඇති ආධාර පැකේජ ගණනාවක් වෙරළ ආසන්නයේ පාවෙන විට මිනිසුන් ඒවා ගැනීමට දුවන ආකාරයයි.

Share This