මා සඳහා දිවි පිදුවේ – මරණෙන් හෝ උත්ථාන වුණේ ඔබ හැර වෙන කවුදෝ: ජේසු මගේ කිතු සමිඳේ – ලොවම බැතියෙන් සමරන පාස්කු මංගල්‍යය අදයි (VIDEO)

මා සඳහා දිවි පිදුවේ – මරණෙන් හෝ උත්ථාන වුණේ ඔබ හැර වෙන කවුදෝ: ජේසු මගේ කිතු සමිඳේ – ලොවම බැතියෙන් සමරන පාස්කු මංගල්‍යය අදයි (VIDEO)

ලොව පුරා කිතුණු ජනතාව ඉතා භක්තියෙන් හා ප්‍රීතියෙන් සමරන පාස්කු මංගල්‍යය අදට(31) යෙදී තිබෙනවා.

කිතුණු විශ්වාසයන්ට අනුව පාස්කු ඉරුදින මෙලෙස ප්‍රීතියෙන් සමරනු ලබන්නේ ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා උකුත් වී දින තුනකට පසු උන්වහන්සේ මරණයෙන් නැගිටීම හෙවත් උත්ථානය සිදුවූ නිසයි.

එමෙන්ම ජේසුස් වහන්සේගේ උත්ථානය මගින් කතෝලික සභාව ආගමනය සිදුවීම උන්වහන්සේගේ උත්ථානය සැමරීමේ සුවිශේෂී කරුණයි.

ජේසුස් වහන්සේගේ නැවත නැඟිටීම පාපය සහ මරණය පරාජය කිරීමේ ජයග්‍රහණය ප්‍රකාශ කරනු ලබනවා.

පාස්කු මංගල්‍යය යනු යේසුස්වහන්සේගේ ජයග්‍රහණය සැමරීමට සහ උන්වහන්සේ ලබාදෙන නව ජීවිතය සැමරීමට ඇති කාලයයි.

උන්වහන්සේගේ මරණය සහ උත්ථානය පිළිබඳ යථාර්ථය සෑම දිනකම සැමරුවත් කිතුණු ජනතාව විසින් සෑම වසරකම පාස්කු ඉරිදා, මරණය පරාජය කිරීමේ සලකුණක් ලෙස මෙම ජයග්‍රාහී දිනය සමරනු ලබනවා.

ගෝලයෝ එකොළොස්දෙනා යේසුස්වහන්සේ තමුන්ට නියමකළ ගලීලයේ කන්දට ගියෝය. ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාර කළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය. යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක. (මතෙව් 28-16:20)

 

 

Share This