උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තාවී නෑ – ඇමති ඉන්දික අනුරුද්ධ හේරත්

උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තාවී නෑ – ඇමති ඉන්දික අනුරුද්ධ හේරත්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටලුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමග ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමග යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා ප්‍රකාශ කරනවා.

උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඉරි තැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට දින (01) අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා මේ පිළිබඳව අදහස් පළ කළා.

 

Share This