මාලි රාජ්‍ය යේ සිදුවූ රිය අනතුරකින් 41 ක් මරුට

මාලි රාජ්‍ය යේ සිදුවූ රිය අනතුරකින් 41 ක් මරුට

මාලි රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් තවත් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වර්ට්ය්හ කර ඇත්තේ.

ට්‍රක් රථයේ ටයරයක් පුපුරා යාමත් රියදුරුට රථයේ පාලනය ගිලිහී යාමෙන් බස් රථයේ ගැටී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, ලොව භයානකම මාර්ග පද්ධති පිහිටා ඇති රිය අනතුරු වැඩිම ගණනක් සිදුවන අප්‍රිකා කලාපයේ සෑම පුද්ගලයින් 100,000 කටම , විසි හය දෙනෙකු රිය අනතුරු හේතුවෙන් මිය යන බවයි.

Share This