මහලු ගැහැණියක ලෙස වෙස් වළාගෙන ‘මොනලීසාට කේක් තැවරූ හේතුව’ විදෙස් මාධ්‍ය දුටු හැටි   (VIDEO)

මහලු ගැහැණියක ලෙස වෙස් වළාගෙන ‘මොනලීසාට කේක් තැවරූ හේතුව’ විදෙස් මාධ්‍ය දුටු හැටි (VIDEO)

දකින පිරිසට පෙනුනේ ඒ ආබාධිත මහලු කාන්තාවක ලෙසයි.

මොනලීසා සිතුවම නරඹමින් සිටි පිරිස පුදුම කරමින්, රෝද පුටුවෙන් පැන ඇය සිතුවමේ අයිසිං කේක් තවරන්නට විය.

වෙස් වළා ගනිමින් රෝද පුටුවකින්, ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයට ඇතුළු වී ඇත්තේ පිරිමි පුද්ගලයෙක් බව හෙළි වුණේ ඉන් අනතුරුවයි.

එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇති ‘මොනාලීසා’ සිතුවමට හානි කිරීමට ඔහු උත්සාහ කර තිබුණා.

ලියනාඩෝ ඩාවින්සිගේ විසින් සිතුවම් කරනු ලැබූ, මිල කළ නොහැකි, අති විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස ‘මොනාලීසා’ සිතුවම සැලකිය හැකිය.

මෙය ලුව්ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ අති විශේෂ, බිදිය නොහැකි වෙඩි නොවදින වීදුරු රාමුවක් තුළයි.

වීදුරු ආවරණයක් මතුපිටින් ඇති බැවින්, සිතුවමට කිසිදු ආකාරයක හානියක් සිදු නොවුණු අතර, සිතුවමට හානි සිදු කිරීමට උත්සාහ කළ එම තැනැත්තා කෞතුකාගාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පැරිස් පොලිසියට බාර දෙනු ලැබුවා.

සිදු කළ විමර්ශනවලින් පසු පොලිසිය පවසා ඇත්තේ එය අවදානය දිනා ගැනීමට ගත් උත්සාහයක් බවයි.

‘මොනාලීසා’ සිතුවමට හානි කිරීමට ගත් එම උත්සාහයට, සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රසිද්ධියක් ද ලැබුණා.

ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබුණේ පහත ආකාරයටයි.

Share This