බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙන අයුරු (VIDEO)

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙන අයුරු (VIDEO)

බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුව සහ විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂය අතර මත ගැටුම් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මංතීරු හතරකින් යුත් මෙම පාලම ඊයේ (04) සවස කඩා වැටී ඇති අතර පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

පාලම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 1,700ක් වන අතර ඉදිවෙමින් පවතින විට කඩා වැටුණු දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය රජය නියෝග කර ඇති අතර අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවද සඳහන් කර තිබෙනවා

පාලම අසල සේවයේ නියුතු මුරකරුවෙකු අතුරුදහන් වී ඇති අතර, ඔහු සොයා ගැනීම සඳහා සහන නිලධාරීන් උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This