බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් මිය ගිය දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් මිය ගිය දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

අමෙරිකාවේ බැල්ටිමෝර් පාලම කඩාවැටීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පාලම කඩා වැටීමෙන් ජලයේ ගිලුණු ට්‍රක් රථයක තිබී අදාළ පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු සොයා ගෙන ඇති බවයි

එය කඩා වැටෙන අවස්ථාවේ පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයින් 8 දෙනෙක් ගඟට වැටී තිබූ අතර ඉන් දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් සේවකයින් හය දෙනෙකු මිය ගොස් ඇති බවට විශ්වාස කෙරෙන අතර තවත් සිරුරු හතරක් තවදුරටත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This