බන්ධනාගාර රැඳවියන් බලන්න වෙන අලුත් විදිහ

බන්ධනාගාර රැඳවියන් බලන්න වෙන අලුත් විදිහ

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නවමු මාවතකට යොමු කරමින් රැදවියන් බැලීමට පැමිණෙන අයහට ප්‍රමාද වීමකින් තොරව රැඳවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ ක්‍රමවේදයක් සලසා තිබෙනවා.

මෙම සේවාව ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස E Visit තොරතුරු පද්ධතිය හරහා තොරතුරු ඇතුලත් කර දිනයක් සහ වේලාවක් වෙන්කර රැඳවියන් බැලීමේ අවස්ථාව හිමිවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඉදිරියේදී මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් බන්ධනාගාර තුල ඇතිවන ගැටළු අවම කිරීමටත්, කොවිඩ් 19 හේතුවෙන් රැදවියන්ට හා ඔවුන්ගේ නිවෙස් වල අයට සම්බන්ධවීමේ දී ඇතිවන ගැටලු නිරාකරණය අවම කිරීම සදහා ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට නියමිතයි.

තවත් මෙහි විශේෂත්වයක් වන්නේ මෙම වෙබ් පිටුව හා මෘදුකාංගය බන්ධනාගාර තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය හා පාලනය කිරීමයි.

Share This