පොලිසිය අවසර නොදුන්නත් ‘100ක්’ මංගල සාදයක – මත්පැන් බොමින් අන්තර්ජාලයෙන් සජීවීව පෙන්වයි

පොලිසිය අවසර නොදුන්නත් ‘100ක්’ මංගල සාදයක – මත්පැන් බොමින් අන්තර්ජාලයෙන් සජීවීව පෙන්වයි

සංචරණ සීමා පනවා තිබෙන මොහොතක නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කල්පිටිය, කන්දකුලිය ප‍්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වූ පස්දෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

කිසියම් පිරිසක් අදාළ මංගල උත්සවය පැවැත්වීමට කල්පිටිය පොලිසියෙන් අවසර ඉල්ලා ඇතත් ඒ සඳහා අවසර ලබා නොදුන් පසුබිමක හොර රහසේ මෙම මංගල උත්සවය පවත්වා ඇතැයි දිනපතා පුවත්පත් ද වාර්තා කර තිබුණා.

මංගල උත්සවයට සහභාගි වූ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊට 100 දෙනකු පමණ සහභාගි වී ඇති බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා බීමත්ව සිට ඇති බවත් එම තරුණයින් මත්පැන් පානය කර නටමින් සිටි අවස්ථාව සජීවීව අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් වාර්තා වනවා.

Share This