පොලිස් ආරක්ෂාව මැද ප්‍රසිද්ධ අපරාධකරුවෙකු විවාහ වෙයි – විවාහයෙන් පසු නැවතත් සිරගෙදරට (PHOTOS)

පොලිස් ආරක්ෂාව මැද ප්‍රසිද්ධ අපරාධකරුවෙකු විවාහ වෙයි – විවාහයෙන් පසු නැවතත් සිරගෙදරට (PHOTOS)

ඉන්දියාවේ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වන කලා ජාතේඩි දිල්ලි පොලිසියේ ආරක්ෂාව මධ්‍යයේ මැඩම් මින්ස් සමග විවාහ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බන්ධනාගාරගතව සිටින අපරාධකරුවෙකු වන සන්දීප් නම් වූ මොහු දිල්ලි, හර්යානා, පන්ජාබ්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රදේශවල මංකොල්ලකෑම්, මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම, කප්පම් ගැනීම් සහ ආයුධ භාවිතය වැනි අපරධ ගණනාවකට වරදකරු වී සිටින අතර දිල්ලි පොලිසිය විසින් තිහාර් බන්ධනාගාරයේ සිට ඔහුව විවාහ මංගල්‍යයට ගෙන ආ බව සඳහන්.

ඔහු විවාහ වූ කාන්තාවද රාජස්ථාන් සහ දිල්ලි ප්‍රාන්තවල අපරාධ ගණනාවකට වරදකාරිය වී ඇති අතර ඇය දැනට ඇප මත නිදහස්ව සිටිනවා.

ඇය නමින් අනුරාධා චෞද්රි නොහොත් මැඩම් මින්ස් ලෙස හඳුන්වනවා.

විවාහ උත්සවය චාරිත්‍රානුකූලව සිදු කරන ලද අතර, අමුත්තන් 50 ක් පමණ, දිල්ලි පොලිස් නිලධාරීන්, නීතිඥයින් සහ යුවළගේ පවුලේ සාමාජිකයින් ඊට සහභාගී වී ඇති බව සඳහන්

විවාහය සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ පොලිස් භටයන් 250ක් පමණ සහ අධි තාක්‍ෂණික අවි රැගත් කමාන්ඩෝ භටයන් ඒ අවට ස්ථානගත කර තිබු බවයි වාර්තාවල දැක්වෙන්නේ.

සන්දීප් හට ඊයේ(12) විවාහයේ චාරිත්‍රවලට සහභාගී වීම සඳහා පැය හයක් තාවකාලිව සිරගෙදරින් නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විවාහ උත්සවයේ චාරිත්‍ර අවසන් වූ වහාම දිල්ලි පොලිසිය විසින් සන්දීප්ව නැවත තිහාර් බන්ධනාගාරයට ගෙනගිය බවයි.

විවාහයෙන් පසු මේ දෙදෙනා පවසා ඇත්තේ ඔවුන්ට එකට ජීවත්වීමට අවස්ථාවක් ලැබුණොත් පෙර වැරදි සියල්ල නවතා දමන බවයි.

 

 

Share This